මහියංගනය පී ටී එස් මංසන්ධියේදී සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ 28 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
අද(25) උදෑසන සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර පාසල් සිසුන් 10 දෙනෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
