Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුවන් තොටුපොළින් හිමිකරුවෙක් නොමැති ලක්ෂ 300ක ජංගම දුරකථන තොගයක් හමුවෙයි

2 years ago

ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා තිබියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ .

අද අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් පැමිණි කිසියම් ගුවන් මගියෙකු විසින් මෙම ජංගම දුරකථන තොගය රැගෙන විත් ඇති බවයි සැක කරන්නේ.

නමුත් ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට අපහසු බව වැටහීමත් සමග , ඔහු මේවා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා ගොස් තිබුණි .

පසුව රේගු නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය පිරික්සමින් මේවා රැගෙන ආ ගුවන් මගියා සොයා ගැනීමට බලවත් ප්‍රයත්නයක් දරා තිබේ .

මේ පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.