කැකුලුවෙල ප්රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ(25) සවස් කාලයේ අකුණු සැර වැදී මියගොස් තිබේ.
අකුණු සැර වැදුණු පුද්ගලයා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද පැවසෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ කැකුලුවෙල, අරලගංවිල ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග කුඹුරේ වැඩ කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
අනෙක් පුද්ගලයාද තුවාල ලබා ප්රථිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෘත ශරීරය පොළොන්නරුව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වූ හපුතලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පට්ටිපොල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මියගොස් තිබේ.
අරලගංවිල පොලිස් වසමේ කැකුලුවෙල ප්රදේශයේ කුඹුරක ඊයේ (25) සවස් කාලයේ රැඳී සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
අකුණු සැර වැදුණු පුද්ගලයා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද පැවසෙයි.
මරණකරු වයස අවුරුදු 63ක් වන කැකුලුවෙල, අරලගංවිල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග කුඹුරේ වැඩ කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනෙක් පුද්ගලයාද තුවාල ලබා ප්රථිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුලත් කර ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණයවී ඇති බවද පොලීසිය පවසයි.
මෘතශරීරය පොළොන්නරුව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
