Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ පාරේ රේස් ගිය කාර් රථ දෙක පොලිස් භාරයට

2 years ago

හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කරන ලද කාර් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 13 වනදා හෝමාගම පොලිස් වසමේ ගලවිලවත්ත දෙස සිට මාකුඹුර දෙසට මෙම කාර් රථ 2ක අධික වේගයෙන් ධාවනය කර තිබූ අතර ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය විය.

පොලීසිය පැවසුවේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුව හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කළ බවය.

ඒ අනුව එලෙස සිද්ධියට සම්බන්ධ කාර් රථ දෙක ඊයේ (25) පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධියට අදාළව කාර් රථ පදවන ලද රියදුරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.