වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ගේ දේහය අද(26) කොලොන්නාව, පොදු සුසාන භූමියේදී භූමදාන කෙරුණා.
ඊට පෙර දේහය බොරැල්ල පෞද්ගලික මර්ශාලාවක තැම්පත් කර තිබූ අතර අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතීන් හිතවතුන් මෙන්ම දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියා.
පසුව ඊයේ රාත්‍රියේදී දේහය කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවා.
අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය කොලොන්නාව පොදු සුසාන භූමිය වෙත අද පස්වරුවේ රැගෙන ගිය අතර සුසාන භූමියේ පිහිටි ශාලාවේදී ආගමික වතාවත් සිදුකෙරුණා.
දේහය භූමදාන කිරීම සිදුවුණේ ඉන් අනතුරුවයි.
