සුවසැරිය (1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීප පුවත්පතට පවසා තිබෙනවා.
තානාපති කාර්යාල අමාත්‍යාංශ ඇතුළු විවිධ ආයතන 60කට වැඩි ප්‍රමාණයක් ඇමැති බංගලා ලබා දෙන ලෙස ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා පුවත්පතට සඳහන් කර තිබෙනවා.
මේ සියලු ඉල්ලීම් සලකා බලා අවශ්‍යතා සහ ප්‍රමුඛත්වය අනුව බංගලා ලබාදීමට රජය විසින් කටයුතු කෙරෙනු ඇත.
බංගලා ලබාදීමට ප්‍රමුඛත්වය දිය යුතු ආයතන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
