Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවර සුද්ද කරපු කම්කරුවන්ට දළදා වඳින්න අද VIP පෝලිමක්

2 years ago

සිරි දළදා වන්දනාවට පිරිසිදු කිරීම හරහා සහයෝගය දැක්වූ නගර සභා සහ පළාත් පාලන ආයතනවල කම්කරුවන්ට දළදා වහන්සේ වැදපුදා ගැනීම සඳහා අද (27) අවස්ථාව ලබාදී ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව මෙම අවසරය හිමිව තිබෙනවා.

මෙහිදී මහනුවර නගර සභාවේ කම්කරු ප්‍රජාවට අමතරව අවට පළාත් පාලන ආයතනවල සේවකයින්ට දළදා වහන්සේ වැද පුදා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි කොමසාරිස්වරිය වැඩිදුරටත් සදහන් කළේ.