Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැළණි ගඟෙන් නාදුනන මළ සිරුරක් හමුවෙයි

2 years ago

පෑලියගොඩ, කළුපාලම ළඟ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 50ක් පමණ පෙනුමැති උස, අඩි 05 අඟල් 06ක් පමණ වන අයෙක් බව සඳහන්.

මෘත ශරීරය තරමක් විකෘති වී ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ෂන ක්‍රියාත්මකයි.