ගාලු කොටුව ගල් බැම්මෙන් වැටී කුරුඳුවත්ත, හපුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ජනිත් ගමගේ නැමති සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ තරුණයා ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙම අනතුරට මුහුණදී ඇති අතර, පසුව ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.
මෙම තරුණයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව නැරඹීමට ගොස් තිබෙනවා.
එහිදී ගාලු කොටුවේ පැරණි ප්‍රදීපාගාරය අසලදි කොටු පවුර මත ගමන් කරමින් සිටියදි ඇදවැටි ඇති බවයි පොලිසිය පවසන්නේ.
ගල් පර්වත මත වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටිය දී අදාළ තරුණයාව රෝහල්ගත කර තිබුණි.
තරුණයාගේ මෘත ශරිරය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
