Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා වරම්

2 years ago

ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.

2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළදී ලාංකිකයින් 259 දෙනෙකු සඳහා රැකියා හිමිවී තිබෙන අතර, අප්‍රේල් මස 28 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත කාන්තාවන් 7 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා (25) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු වුණා.

මේ අතර, ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීමද පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුකළා.

ඒ අතුරින් 28 දෙනෙකු අප්‍රේල් මස 28 දින හා තවත් 49 දෙනෙකු අප්‍රේල් මස 29 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිතයි.

ඒ පිරිසත් සමගින් ලාංකිකයින් 180 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.