Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිමා වූ ශ්‍රී දළදා වන්දනාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගෙන් හා දළදා මාළිගාවෙන් ඒකාබද්ධ නිවේදනයක්

2 years ago

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේගේ සහ ශ්‍රී දළදා මාළිගාගේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමකට හා ආරාධනාවකට අනුව වසර 16 පසුව සිරි දළදා වන්දනාව සිදු කිරීමට පියවර ගත් බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව, අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින දහයක්, දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමාන වූ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලද වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීමේ සුදුර්ලභ අවස්ථාව චිරාගත චාරිත්‍රානුකූලව සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ලබා දීමට කටයුතු කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම කාල පරාසය තුළ දේශීය හා විදේශීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ස්වකීය ශ්‍රද්ධාධ්‍යාශයන් වඩා වර්ධනය කර ගනිමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට භාග්‍යවන්ත වූ බව මල්වතු – අස්ගිරි උභය මහාවිහාර හා ශ්‍රී දළදා මාළිගාව වෙනුවෙන් ඉමහත් සංතෝෂයෙන් නිවේදනය කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,