නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක ප්‍රමාණයක් අද (28) විනාශ කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුළ එම මත්ද්‍රවය තොගය විනාශ කරන බවයි.
අධි ආරක්ෂාවක් යටතේ මෙම තොගය පුත්තලම පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිතයි.
2021 වසරේ දෙසැම්බර් 15 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී විදෙස් ජාතිකයින් 6 දෙනෙකු ළඟ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 250ක් සහ 2022 වසරේ අප්‍රේල් 19 වනදා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළවැටලීමකදී විදෙස් ජාතිකයින් 7 දෙනෙකු ළඟ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 243ක් අද (28) දිනයේ විනාශ කිරීමට නියමිත තොගයට අයත්.
