ලැප්ටොප් පරිගණකයක් හේතුවෙන් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට අද (28) පස්වරුවේ බේම්බ බියක් ඇතිව තිබෙනවා.
තානාපති කාර්යාලයට පැමිණි විදේශිකයෙකු විසින් ලැප්ටොප් පරිගණකයක් ලබා දී ක්ෂණිකයෙන් පිටව යාම හේතුවෙන් මෙලෙස බෝම්බ බියක් ඇතිව තිබූ බව සඳහන්.
එම නිසා තානාපති කාර්යාලය වෙත විශේෂ කාර්ය බළකාය, විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ කුරුඳුවත්ත පොලීසිය ඇතුළු කණ්ඩායමක් කැඳවීමට පියවර ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධව සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකිරීමට නියමිතය.
