Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දූෂණ චෝදනාවක් මත මහේෂ් ගම්මන්පිල රිමාන්ඩ්

2 years ago

අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට පත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් (සංවර්ධන) මහේෂ් ගම්මන්පිල මැයි 5 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

2021 වසරේ දී චීනයේ Qingdao Seawin Biotech සමාගමෙන් ගෙන්වන ලද මෙරට ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබු ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දීම මඟින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75% ක මුදලක් එනම්, ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට අයුතු සහගත ලෙස පාඩු කිරීමට අදාළවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.