සිරි දළදා වන්දනාව ඊයේ (27) දිනයෙන් අවසන් වීමත් සමඟ මහනුවර ගොහාගොඩ කසළ අංගනයට ටොන් 625 කට අධික මිශ්‍ර කසල තොගයක් රැස්ව තිබෙනවා.
කුණු කන්ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළේ කොළඹ මහ නගර සභාවේ සහාය ඇතිවඑම කසළ පුළුස්සා දැමීමට පියවර ගන්නා බවයි.
වසර 16කට පසුව පැවැත්වුණු දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වන දින සිට 27 දින දක්වා දින 10ක් පුරාවට පැවති අතර ඉන් අනතුරුව දැඩි ලෙස අපවිත්‍රව තිබූ නුවර මාර්ග සහ නගරය පිරිසිදු කිරීමට රාජ්‍ය හා පෞද්ගලික කණ්ඩායම් ගණනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබුණා.
ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම ප්‍රදර්ශනයට එක්ව තිබූ අතර කසළ රැඳවීම සඳහා නුවර නගරයට පවතින්නේ සීමිත ධාරිතාවක් බැවින් පැමිණි පිරිස් විසින් බැහැර කරන ලද අපද්‍රවය කළමණාකරණය කිරීමේදී ගැටලුකාරී තත්වයන්ට මුහුණ පා තිබෙනවා.
