හපුතලේ – වැලිමඩ මාර්ගයේ අශෝකාරමය විහාරස්ථානය අසලදී ඊයේ(29) සවස රිය අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් තුවාල ඇබූ විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ.
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පැති බැම්මක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනා දියතලාව මුලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව සඳහන්.
