පොළොව මත ඉදිකෙරෙන සූර්ය පැනල, කුඩා ජල විදුලි හා සුළං ව්‍යාපෘති සංවර්ධනය සඳහා අනුමැතිය මෙතෙක් නොලැබීමෙන් මෙගාවොට් 100ක විදුලි උත්පාදන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ඇනහිට තිබෙන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පුනර්ජනනීය බලශක්ති කමිටුවේ විධායක කමිටු සාමාජික ඉන්ජිනේරු ප්‍රභාත් වික්‍රමසිංහ මහතා පවසන බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය මේ සඳහා ලැබී ඇති නමුත් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හා බලශක්ති අමාත්‍යාංශයේ අවසාන අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවට ඔහු පවසා තිබුණා.
අනුමැතිය නොලැබීමෙන් මේ වසරේ ජනවාරි මාසයෙන් පසු මෙතෙක් ඒ කිසිදු ව්‍යාපෘතියක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බව ප්‍රභාත් මහතා පෙන්වා දෙනවා.
මෙය කිසියම් අදෘශ්‍යමාන හස්තයක බලපෑමකින් සිදුවන්නක් විය හැකි බව ත් මේ හේතුවෙන් රජයේ පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට කිසිසේත් යා නොහැකි බව යි ඔහු පවසා තිබුණේ
එමෙන්ම පොළොව මත ඉදිකෙරෙන සූර්ය පැනල, කුඩා ජල විදුලි හා සුළං ව්‍යාපෘති සංවර්ධනය සඳහා අනුමැතිය මෙතෙක් නොලැබීමෙන් මෙගාවොට් 100ක විදුලි උත්පාදන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ඇනහිට ඇතැයි ප්‍රභාත් වික්‍රමසිංහ මහතා පවසනවා.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය මේ සඳහා ලැබී ඇති නමුත් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හා බලශක්ති අමාත්‍යාංශයේ අවසාන අනුමැතිය මෙතෙක් ලැබී නැතැයිද ඒ මහතා කියාසිටියා.
