Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැදවූ මෝටර් රථය හෙදිය අතින් ගිලිහෙයි! අඩි 60ක ප්‍රපාතයකට පෙරළෙයි!

2 years ago

හැටන් සිට දික්ඔය මූලික රෝහල දක්වා සේවයට වාර්ථා කිරීමට හෙද සොයුරියක් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක් පමණ ප්‍රපාතයෙන් යුත් තේ වත්තට පෙරළී එම හෙද සොයුරිය තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කල බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

අද (30) උදෑසන 8.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් කැන්දගොල්ල වත්ත ප්‍රදේශයේදීයි.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයේ ගැටීමට යෑමේදී හෙද සොයුරිය විසින් මෝටර් රථය තේ වත්ත දෙසට හැරවීමත් සමග මෝටර් රථය හෙද සොයුරියගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මෝටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නෝර්වුඩ් පොලිසිය විසින් සිදු කරනු ලබනවා.