Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවක්ට ඇප

2 years ago

ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ ඇයි සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

එම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීමක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් එම නියෝගය නිකුත් කළා.

ඒ අනුව, සැකකරු රුපියල් 75,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම සැකකරු අදාළ අපරාධයට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් මොහු ඇප මත මුදාහරින බවත් විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙමින් පවසා සිටියා.