Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාරක රිය අනතුරු ද්විත්වයක්

2 years ago

තංගල්ලේ සහ විල්ගමුවේ සිදුවු රිය අනතුරු දෙකකින් තරුණයෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු කුඩාවැල්ල මාවැල්ල මාර්ගයේ කුඩාවැල්ල ප්‍රදේශයේදී මාවැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක්  මාර්ගයේ පෙරළී ගොස්  මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස්  තිබූ බවයි වාර්තා වන්නේ.

මොහු වයස අවුරුදු 19ක් වූ  තරුණයෙක්.

මේ අතර,  විල්ගමුව හසලක මාර්ගයේ හසලක දෙසට ධාවනය වූ කාර් රථයක කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව විල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස්  සිටි බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ,  අවුරුදු 62 ක් වූ බත්ගම්පල, විල්ගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.