Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවක්

2 years ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු කර තිබේ.

මෙම ස්ථාන මාරුව අද (01) සිට බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇතැයිද සඳහන් වේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් පුරාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කල අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක්ද සේවය කර තිබේ.