Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරගේ ආණ්ඩුව යටතේම මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගන්නවා – නාමල් රාජපක්ෂ

2 years ago

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව තුළම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (01) නුගේගොඩ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ලෝකයට ගැලපෙන නූතන පරම්පරාවේ කම්කරුවාගේ, ධීවරයාගේ ජීවිතය සුරක්ෂිත කිරීමට හැකි අලුත් පරම්පරාවේ ආණ්ඩුවක් බිහි කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

පොදුජන පෙරමුණ අලුත්වන විට ආණ්ඩුව බියට පත්වී ඇති බවත් ආණ්ඩුව ඔවුන්​ට බිය වුවද පොදුජන පෙරමුණ ආණ්ඩුවට බිය නොමැති බවත් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය ඊළඟ ආණ්ඩුව හදන බලවේගය බවට පත් කිරීමට පෙළගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි නාමල් රාජපක්ෂ පවසා සිටියේ.