රට ගොඩනැගීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා එක්වන ලෙස මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඊයේ (01) ගාලුමුවදොර පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනතාව විසින් පසුගිය සැප්තැම්බර් 21 වනදා මෙරට ජනතාව නිර්භීත තීන්දුවක් ගත් බවත් පරම්පරා ගණනාවක් ඉදිරියට එලා තිබූ බල සිතියම අකුලා පොදු ජනතාව අතට බලය මාරු කිරීමට ජනතාව සමත් වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එම බලය අහිමිවීමේ අදෝනාව මේ වනවිට අසන්නට ලැබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
අද වන විට ඔවුන් නීතියට යටත්වී ඇති අතර වරප්‍රසාද අහිමිවී නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
බලය අහිමි වූ පිරිස් සිදුකළ අපරාධවල, වංචාවල ප්‍රමාණය ඔවුන් දන්නා අතර ජාතික ජන බලවේගය යනු කවුරුන්ද යන වගත් ඔවුන් හොඳින් දන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
