ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම්වලට අනුව පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව වත්මන් රජය විදුලි ගාස්තු ඉහළ නැංවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
තලවාකැලේ ලිඳුල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ මැයි දින රැලියට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
“ගම දිනවන සටනට කම්කරු බලය” යන්න තේමා කරගත් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමඟි ජන සන්ධානයේ මැයි දින පෙළපාලිය තලවාකැලේ බස් නැවැතුම්පොළ අසලින් ආරම්භ වූ අතර තලවාකැලේ ලිඳුල නගර සභා ක්‍රීඩාංගණය දක්වා පාක්ෂිකයින් පෙළපාලියෙන් පැමිණීමෙන් අනතුරුව මැයි දින රැලිය ආරම්භ වුණා.
