Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැයි රැලියට ආ බස් අධිවේගී මාර්ගයේ නතර කර කෑම කෑ හේතුව හෙළිවෙයි

2 years ago

මැයි දින රැලියක් සඳහා එක්වීමට පැමිණි පිරිස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගයේ නවතා දිවා ආහාරය ගනිමින් විවේක ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම සිදුවීම පිළිබඳව දක්ෂිණ අධිවේගී මාර්ගය දකුණ භාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අධිවේගී මාර්ග පොලීසිය සඳහන් කළේ එලෙස නවතා තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

රථ වාහන නීතිය යටතේ අධිවේගී මාර්ගයේ ඕනෑම ස්ථානයක හෝ මාර්ගයේ ඕනෑම කොටසක වාහන නවතා තැබීම තහනම් වෙයි.

එමෙන්ම හදිසි මංතීරුවේ වාහන නතර කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් බව සඳහන්.

වැලිපැන්න සේවා කලාපයේ රථ ගාලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අදාළ බස් රථ එම ස්ථානයේ නතර කර ඇති බවයි වාර්තා වන්නේ.