Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් අත්අඩංගුවට පත් තරුණයක් හදිසියේම මරුට

2 years ago

කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (02) පස්වරුවේ මෙම තරුණයාව මත්ද්‍රව්‍ය සිද්ධියකට අදාළවම අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සැකකාර තරුණයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා මිය ගිය බවයි.

නමුත් පොලීසිය සඳහන් කළේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් සිර මැදිරිය තුළදී ක්ලාන්ත ගතිය ඇති වීම හේතුවෙන් අදාළ සැකකරු රෝහල් ගත කළ බව‍යි.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරු මිය ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.