Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොට්ටහච්චි 100 ක් අනුර එකයි – දයාසිරි ජයසේකර

2 years ago

මෙවර ජාතික ජන බලවේගයේ මැයි රැළිය සඳහා බස් පන්දහස් ගණනකින් ගාලු මුවදොර පිටියට මිනිසුන් ගෙනැවිත් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ සඳහා මුදල් ලැබුණු ආකාරය ගැටලු සහගත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. 

ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එම මුදල් ලබාදී ඇත්තේ විවිධ වූ ආයතන විසින් බවද, එම මුදල් ලබාදුන් ආයතනවලට ආණ්ඩුව විසින් විවිධ වූ ව්‍යාපෘති ලබාදීමට කටයුතු කරන බවයි.

මේ වන විට ජනතාව ආණ්ඩුවට බොරු චක්කරයක් නිර්මාණය කර ඇති බවත්, බොරු 100 ක් හෑවගේ එකයි, හෑවගේ 100 ක් සමන්ත එකයි, සමන්ත 100 ක් චතුරංග එකයි, චතුරංග 100 ක් ලක්මාලි එකයි, ලක්මාලි 100 ක් හරිනි එකයි, හරිනි 100 ක් හර්ෂණ එකයි, හර්ෂණ 100 ක් ටිල්වින් එකයි, ටිල්වින් 100 ක් කොට්ටහච්චි එකයි, කොට්ටහච්චි 100 ක් අනුර එකයි යනු එම චක්කරය බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.