LTTE සංවිධානය සතුව තිබී යුද සමයේ හමුදා හාරයට ගත් සිවිල් වැසියන්ගේ රන් හා රිදී වැඩ බලන පොලිස්පතිවරයා වෙත අද (02) ඒ, බත්තරමුල්ලේ පිහිටි යුද හමුදා මූලස්ථනයේදී නිල වශයෙන් භාර දී තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් භාර ගනු ලැබූ එම රන් හා රිදී අධිකරණ නියෝගයක් මත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වටිනාකම තක්සේරු කිරීමෙන් අනතුරුව ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීමට නියමිත බව සඳහන්.
මේ අතර අදාළ භාණ්ඩවල අයිතිය සම්බන්ධයෙන් අනන්‍යතාවය තහවුරු කළ හැකි වුවහොත් ඒවා සිවිල් වැසියන් වෙත හාර දීමට සූදානම් බවද යුද හමුදාව පවසා තිබෙනවා.
