ලොව වයස්ගතම පුද්ගලයා වූ බ්‍රසීලියානු කන්‍යා සොහොයුරියක වන ඉනා කැනබාරෝ ලූකස් වයස අවුරුදු 116 දී මිය ගොස් තිබෙනවා.
1908 ජුනි 8 වැනි දින දකුණු බ්‍රසීල ප්‍රාන්තයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි උපතලැබූ ඉනා කැනබාරෝ ලූකස් වයස අවුරුදු 20 දී කතෝලික කන්‍යා සොහොයුරියක් බවට පත් වුණා.
දැඩි පාපන්දු ලෝලියෙකු වූ ඇය ඇගේ 116 වැනි උපන්දිනය සමරා තිබුණේ ඇගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායමේ ස්කාෆ් එක පැළඳගෙන සහ පාපන්දු ක්‍රීඩාංගණයක හැඩය ගත් කේක් ගෙඩියක් කපමින්.
මිය යන විට ද සැලකිය යුතු මට්ටමේ රෝග තත්ත්වයකින් ඇය නොපෙලුණ බව ද ඇයගේ පවුලේ සාමාජිකයන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.
