Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්අඩංගුවට

රුපියල් 1500ක අල්ලසක් ගත් රජයේ සේවකයෙක් අත්අඩංගුවට

2 years ago

රුපියල් 1,500ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ඉකුත් අප්‍රේල් 28වනදා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හරහා ගමන්කළ බවට චෝදනා කරමින්, පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත මෙම පුද්ගලයා සිය භාරයට ගෙන ඇති අතර එම හැඳුනුම්පත නැවත ලබාදීම සඳහා රුපියල් 3,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.

කෙසේ නමුත් ඊයේ (2) දිනයේදී එම මුදල රුපියල් 1,500 දක්වා අඩු කර ගැනීමට පැමිණිලිකරු සමත්ව තිබේ.

එම මුදල අල්ලස් ලෙස ලබාගැනීමේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක කාර්යාලය තුළ දී සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.