Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු පැටී හෙට දිවයිනට

2 years ago

බෙලරූස් රාජ්‍යයේ දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ලොකු පැටී හෙට දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.

පසුගිය වසරේදී ලොකු පැටී බෙලරූස් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ප්‍රචාරය වී තිබුණේ ඔහු එහිදී නිදහස් කර ඇති බවයි.

එහෙත් පොලිසිය එය සාවාද්‍ය බව ප්‍රකාශ කළ අතර ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බෙලරූස් රාජ්‍යය වෙත පසුගියද‍ා පිටත්ව ගොස් ඇත්තේ.