ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) මැයි මස 07 වනදා සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතී.
ඒ අනුව කාදිනල්වරුන් අතර පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුව සවිකිරීම පසුගියදා සිදුකෙරුණි.
දුම් කවුළුව පාප්වරණයේ සුවිශේෂී භූමිකාවක් උසුලයි.
පාප්වරණ්ස්‍ය අවසානයේදී කාදිනල්වරුන්ගේ ඡන්දය සටහන් කරන කුඩා කඩදාසි කැබලි ගිනි තැබීමට කටයුතු කෙරෙන්නේ, නව පාප් වහන්සේ පත්කරගත්තාද? නැද්ද? යන්න සන්නිවේදනය කිරීම සඳහාය.
ඡන්ද පත්‍රිකා ගිනි තැබීමෙන් පසුව දුම් කවුළුව තුළින් ගලා එන දුමාරය කළු පැහැ නම් නව පාප් වහන්සේ පත්කරගැනීමට ප්‍රමාණවත් ඡන්ද එක් අපේක්ෂකයෙක් දිනාගෙන නොමැති බව ඉන් අදහස් කෙරෙයි.
යම් හෙයකින් දුම් කවුළුවෙන් නැගෙන දුමාරය සුදු පැහැ වනවා නම් ඉන් අදහස් වන්නේ නව පාප් වහන්සේ තෝරාගත් බවය.
මෙය සුබ පණිවුඩයක් බවට සලකන කතෝලිකයින් එම සුබ පණිවුඩය දැකගැනීමට වතිකානයට රැස් වෙයි.
