Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර තෙරපීමක්! 6ක් මරුට! 50කට අධික පිරිසක් රෝහලට!

2 years ago

ඉන්දියාවේ – ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ගෝවේහි කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුර බැතිමතුන් රැදී සිටි පෝළිමක සිදුවූ හදිසි තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහ ඇමති සිය ශෝකය පළ කර තිබෙනවා.