Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අද දිවයිනෙන් පිටත්ව යයි

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ නිල සංචාරයක් සදහා අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවලට වසර 55ක් සනිටුහන් කරමින් ජනාධිපතිවරයා හෙට සිට ලබන 6 වනදා දක්වා වියට්නාමයේ රැදී සිටිනු ඇති.

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම ජනාධිපති සහ අගමැතිවරයා අතර නිල සාකච්ඡාවල ද නිරත වන බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන අතර එහි ප්‍රධාන දේශනය ද පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා වියට්නාම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම සහ ව්‍යාපාරික හමු කිහිපයක් ද සිදු වනු ඇති.