Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවෙන් ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

2 years ago

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.

ඒ ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන්යානයෙන් පැමිණි බවට ලද දුරකථන ඇමතුමක් මතයි.

ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙන්ම, ගුවන් හමුදාව සහ පොලිසිය ද අදාළ සෝදිසි කිරීම සදහා එක්ව තිබෙනවා.

කෙසේවෙතත් ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු අදාළ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා නොවන බවය.