රාජ්‍ය සංචාරයක් සදහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) අලුයම වියට්නාමයට ළඟා වුණා.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවලට වසර 55 ක් සනිටුහන් කරමින් ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වියට්නාම ජනාධිපති ලුඕ කුඕ ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරයට එක්වනවා.
ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් මාසයේ බලයට පත්වීමෙන් අනතුරු අග්නිදිග ආසියාවේ සිදු කරන පළමු සංචාරයද මෙය වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබේ.
