පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග ගොස් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබේ.
මෙම සිදුවීම ඊයේ (03) සිදුව තිබුණේ තංගල්ල පොලිස් වසමේ පොළොන්මාරුව උතුර ප්‍රදේශයේයි.
මෙම පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්මාරුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවකි.
සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
