Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුංචි ඡන්දයේ පළමු ප්‍රතිඵලය නිකුත් වන වේලාව ගැන ඉඟියක්

2 years ago

ල්බන 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 11.00වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ.එල්. රත්නායක පවසනවා.

මෙවර මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එම මධ්‍යස්ථානයේදීම සිදු කරන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව යම්කිසි කොට්ඨාශයක් ඇතුළත එක් ඡන්ද මධ්‍යස්ථානයක් පමණක් තිබේ නම් එම ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්ද ගණන් කිරීම සිදු කිරීමට නියමිතයි.

යම්කිසි හෙයකින් එක් කොට්ඨාසයක් ඇතුළත ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් පවතී නම් තෝරාගත් ඡන්ද මධ්‍යස්ථානයන්හි ඡන්ද ගණන් කිරීම සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.