Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් අතර හමුවක්

2 years ago

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ  මහලේකම් ටූ ලැම් අතර හමුවක් සිදුව තිබේ.

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බවය.

එමෙන්ම ජනාධිපතිවරයා හෙට (05) දිනයේදී  වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය.