Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘ලොකු පැටී’ ගැන විමර්ෂන සිදුවන්නේ මෙහෙමයි

2 years ago

විදෙස්ගතව සිටියදී ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැත්තා සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් රැඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.

දිවයිනට රැගෙන ආ ලොකු පැටී නැමැත්තා සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍යවරයා අද (04) ඒ බව සඳහන් කළේය.

“අද රැගෙන ආ මෙම “ලොකු පැටී” කියන අපරාධකරුගේ විමර්ශන අනුව අපිට තහවුරුවෙලා තිබෙනවා පසුගිය කාලසීමාවේ සිදුවුණු වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම, ඒ වගේම ඊට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතන කිහිපයක්, ඒ වගේම මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම්, අවි ආයුධ ළඟ තබා ගැනීම් ආදී අපරාධ ගණනාවකට අවශ්‍ය වෙලා හිටපු ප්‍රධාන පෙලේ අපරාධකරුවෙක් ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරියේද නීතිය ක්‍රියාත්මක වෙනවා, ඔහු සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් රැඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටත් අපි කටයුතු කරනවා. කෙසේ වුවත් රටේ පවතින නීතිය අනුව ඔහුට එරෙහිව ඒ නීතිය ක්‍රියාත්ම කරනවා.”         

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, පසුගිය මාස 04ක කාල සීමාව තුළ ලංකාවට රැගෙන ආ 11 වෙනි අපරාධකරු ලොකු පැටී බවය.