කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතලේ ලග්ගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වදින අපේක්ෂකයෙකු ඊයේ (03) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
තමන් නිවස තුළ රැඳී සිටියදී අදාළ අපේක්ෂකයා නිවසට පැමිණ ලිංගික අතවරයක් කළ බව ඇය විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව අත්අඩංගුවට ගත් අපේක්ෂකයා අද නාවුල මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවයි පොලිසිය සදහන් කළේ.
