Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලදිවයින් ජනපතිගෙන් ලෝක වාර්තාවක්! යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ වාර්තාව බිඳ වැටෙයි!

2 years ago

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු පැය 15 කට ආසන්න කාලයක් මාධ්‍ය හමුවක් ඇමතමින් යුක්රේන නායක වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් තබා තිබූ වාර්තාව බිඳ දමා තිබේ.

පසුගිය සෙනසුරාදා(3) දිනයට යෙදී තිබු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව මොහොමඩ් මුයිසු මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බව සඳහන්.

46 හැවිරිදි මුයිසු සෙනසුරාදා පෙ.ව. 10.00 ට මාධ්‍ය හමුව ආරම්භ කළ අතර යාඥා සඳහා කෙටි විරාම සහිතව පැය 14 යි මිනිත්තු 54 ක් එය පවත්වන ලද බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

දීර්ඝ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් හරහා මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට ද මුයිසු පිළිතුරු දුන්නේය.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී පැය 14ක මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට පෙර බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් තැබූ පැය 07ක වාර්තාව බිඳ හෙළනු ලැබීය.