Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරිපා කරුණා කරන්න ගිය දෙදරු මව ඇදවැටී මරුට

2 years ago

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි රතු පාළම අසළදී ඇද වැටීමෙන් ඊයේ (04) මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස, වල්පිට සිට පැමිණි 47 හැවිරිදි දෙදරු මවකි.

බරපතළ තුවාල ලබා සිටි මෙම කාන්තාව නල්ලතන්නිය පොලීසියේ හා මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කඩිනමින් නල්ලතන්නිය වෙත රැගෙන විත්, නල්ලතන්නිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ගිලන් රථයෙන් ගෙන ගොස් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

මිය ගිය කාන්තාව ඇගේ සැමියා,දරුවන් දෙදෙනා හා ගමේ පිරිසක් සමග ශ්‍රීපාද වන්දනාවට පැමිණ තිබෙනවා.

පිරිස ශ්‍රීපාද වන්දනාව සිදුකර ආපසු නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

නල්ලතන්නිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.