හෙට(06) දිනයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී විෂමාචාර ලෙස සලකනු ලබන ක්‍රියාකාරකම් ගැන සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ඡන්ද මධ්‍යස්ථානය වීඩියෝ ගත කිරීම, ඡායාරූප ලබා ගැනීම, සළකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවල ඡායාරූප සමාජ මාධ්‍යවලට නිකුත් කිරීම ආදී ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙසයි මැතිවරණ කොමිසම කොමිසම ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම, ඡන්ද පොළ තුළ ජංගම දුරකථන භාවිතා කිරීම, ගිනි අවි ළඟ තබා ගැනීම, දුම්පානය සහ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළුවීම විෂමාචාර ලෙස සලකනු ලබන බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරනවා.

