2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
පැෆරල් සංවිධානය විසින් ඡන්දය භාවිතා කිරීම වෙනුවෙන් යොදාගත හැකි හැඳුනුම්පත් පිළිබඳ ඡන්ද දායකයන් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, සියලුම ඡන්ද හිමියන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දපොළ වෙත යාමේදී මෙම අනන්‍යතා ලේඛනවලින් එක් ලේඛනයක් රැගෙන යාම අනිවාර්ය වනවා.
* ජාතික හැඳුනුම්පත (පැරණි හෝ නව)
* වලංගු විදේශ ගමන් බලපත්‍රය
* වලංගු රියදුරු බලපත්‍රය
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (පැරණි හෝ නව ඉ-හැඳුනුම්පත)
* වැඩිහිටි හැඳුනුම්පත (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ)
* පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පූජක හැඳුනුම්පත
* පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
* මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත
* මැතිවරණ කොමිෂන් සභාව විසින් පූර්ණ ආබාධ සහිත තැනැත්තන් සඳහා නිකුත් කර ඇති තාවකාලික හැදුනුම්පත
* මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඡායාරූප සහිත තාවකාලික රියදුරු බලපත්‍රය
