Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා 5ක් බිම හෙළයි

2 years ago

ඉන්දීය හමුදාවේ ගුවන් යානා 05ක් බිම හෙළූ බව පාකිස්ථානය පවසනවා.

පාකිස්ථානය නිවේදනය කළේ එම යානාවල සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවයි.

මේ අතර ඉන්දීය ආරක්ෂක අංශ විසින් පාකිස්ථානයේ සහ පාකිස්ථානය යටතේ ඇති ජම්මු සහ කාශ්මීර කලාපයේ ස්ථාන 9ක් වෙත පහර දී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ නැමති මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

එයට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථානය පවසන්නේ, සිය හමුදාවන් ද තීරණය කරන ලද නිසි වේලාවක දී ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බවයි.