කොළඹ මහ නගර සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය දිනා ගත්තද බහුතරය විපක්ෂය සතු නිසා නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී අනෙකුත් පක්ෂවල සහය ලබා ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
කොළඹ අද (07) කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ මහ මැතිවරණයේදී ආණ්ඩුව ලබා ගත් 62%ක ඡන්ද ප්‍රතිශතය මේවන විට 43%ක් දක්වා අඩුවී ඇති බවයි.
මේ මැතිවරණයේදී විපක්ෂයේ සියලු පක්ෂ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගෙන තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට මහ මැතිවරණයේ තිබුණු ජනවරම මේකෙදි අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂය ලැබූ ජයග්‍රහණයක්. මාස 05කින් මේ රටට එපා වුණ ආණ්ඩුවක් විදිහට තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව අපි දකින්නේ. අපි පැහැදිලිව ආණ්ඩුවට පෙන්නවා ඉදිරියේදී මේ පළාත් පාලන ආයතන පිහිටුවද්දි විපක්ෂයේ කාණ්ඩයන් සියල්ල එක්තුකරලා පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් අපි පිහිටුවන්න යනවා”
