ඉන්දීය හමුදාව විසින් පාකිස්ථානය සහ එරට පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් 26 දෙනෙකු මිය ගොස්, තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇතැයි පකිස්ථානය පවසනවා.
එසේම පාකිස්තාන වෙඩි ප්‍රහාරවලින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දියාව පවසා ඇත්තේ.
පසුගිය මාසයේ පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර මතභේදාත්මක තත්ත්වය ඉහළ ගිය අතර මේ වනවිට එම තත්ත්වය යුධ ගැටුම් දක්වා වර්ධනය වී තිබෙනවා.
