Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ පුරපති සටන උණුසුම් වෙයි! මාලිමාවට එරෙහිව අලි – ටෙලිෆෝන් දීගයක් ?

2 years ago

විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා අනෙකුත් විපක්ෂ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තීරණය කිරීම සඳහා සංවාදයක යෙදීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තෙන් සිටින බව පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසයි.

මේ අතර සමගි ජන බලවේගයට කොළඹ පුරපතිකම ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

තම පක්ෂය වෙත තවමත් එවැනි ඉල්ලීමක් සමගි ජන බලවේගයෙන් නිල වශයෙන් ලැබී නොමැති බවත් එවැනි ඉල්ලීමක් සිදුකළහොත් ඊට සහාය ලබාදීමට සිය පක්ෂය සූදානම් බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම අනෙකුත් ආයතනවල බලය විපක්ෂයට ලබාගැනීමට සාකච්ඡා කිරීමට සූදානම් බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.