මාතර, අකුරැස්ස ප්රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර මුලටියන ප්රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසය පවසනවා.
අනතුරෙන් තුවාල ලැබූ තුවාලකරුවන් ගිලන් රථ උපයෝගි කරගනිමින් ප්රදේශවාසින් හා පොලිසිය එක්ව කඩිනමින් රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබුණා.
අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.
